How to make Kiri kos Maaluwa (Jak fruit cooked in coconut milk cream) in Srilanka

 කිරි කොස් මාළුව සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය: 

★ හොඳින් පැසුණු කොස් මදුළු 20 ක්( කොස් ඇට සමඟ)

★ තුනපහ කුඩු තේ හැඳි 1 1/2

★ කහ තේ හැඳි 1/2

★ පොල් මිටි කිරි කෝප්ප 1 1/2

★ පොල් දිය කිරි කෝප්ප 1 1/2

★ වියළි මිරිස් කරල් 3ක් හෝ 4ක් පමණ  

★ අමුමිරිස් කරල් 4

★ රතුළුණු ගෙඩි 4

★සුදු ළූණු බික් 3

★කරපිංචා, කුරුඳු, රම්පේ අවශ්‍ය පමණ

★අබ ස්වල්පයක්

★උම්බලකඩ කුඩු මේස හැඳි 1 1/2 

★අවශ්‍ය පමණට ලුණු

සාදා ගන්නා ආකාරය: 

කොස් මඳුළු ඇට ඉවත් කර සෝදා ගන්න. කොස් ඇටද තලා පොතු ඉවත් කර සෝදාගන්න. ඉන් පසු කොස් මදුළු දික් අතට සිටින සේ කැබලි කපාගන්න.පිස ගනු ලබන භාජනයට කොස් මදුළු, කොස් ඇට, තුනපහ , සුදු ළූණු, කහ, අමුමිරිස්, රතු ලුණු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, උම්බලකඩ කුඩු ආදිය දමා දිය කිරි කෝප්ප 1 1/2 එක් කර කලවම් කර හොඳින් තැම්බෙන සේ ලිප මත තබන්න. කොස් ඇට හා කොස් හොඳින් තැම්බී එන විට මිටි කිරි එක් කරන්න. ලුණුද අවශ්‍ය පමණ එක් කරමින් හොඳින් හැඳි ගාන්න. තෙල් ස්වල්පයක් ලිප තබා එයට අබකුඩු හා මිරිස් කරල් කිහිපයක් ද තෙම්පරාදු කර ඊට එක් කර ගැනීමෙන් ඔබේ කිරි කොස් මාළුව වඩාත් රසවත් කර ගත හැක.( මැටි භාජනයක පිස ගැනීම වඩාත් සුදුසුය)

 

 


 


 

Comments

Popular Posts