How to make Pineapple curry in Srilanka
අන්නාසි මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය:
🍍හොඳින් පැසුණු මධ්‍යම ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක්
🍍තුනපහ තේ හැඳි 1 1/2
🍍මිරිස් කුඩු තේ හැඳි 2
🍍කහ කුඩු තේ හැඳි 1/2
🍍මිටිකිරි කෝප්ප 1
🍍රතු ලුණු ගෙඩි 4 ක් පමණ
🍍අමු මිරිස් කරල් 2ක් හෝ 3ක් පමණ
🍍රම්පේ, කරපිංචා
🍍තෙල් මේස හැඳි 3ක්
🍍ලුණු අවශ්‍ය පමණ
🍍උම්බලකඩ කුඩු මේස හැදි 1
පිළියෙළ කරන ආකාරය:
අන්නාසි
ගෙඩියේ පොත්ත ඉවත් කිරීමෙන් පසු මැද නාරටිය ද ඉවත් කර කුඩා කැබලි වලට කපා
ගන්න. භාජනයක් ලිප තබා ඊට පොල්තෙල් එක් කර හොඳින් රත් වූ පසු කපා ගත් රතු
ලූණු, අමුමිරිස්, රම්පේ, කරපිංචා ඊට එක් කරන්න. ඉන් පසු මිරිස් කුඩු, තුනපහ
කුඩු, කහ හා ලුණු එක් කර රන්වන් පැහැවන තෙක් බැදගන්න. ඉන්පසු කපාගත්
අන්නාසි කැබලි ඊට එක් කර හොඳින් කලවම් කරන්න. මිටිකිරි කෝප්පයද ඊට එක් කර
අන්නාසි කැබලි තැම්බෙන තෙක් හොඳින් හැඳි ගාන්න. උම්බලකඩ කුඩු ද ඊට එක්
කිරීමෙන් එය වඩාත් රසවත් කර ගත හැක.
Comments
Post a Comment